අද (16) ආරම්භ වූ 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18 ක මුදලකට අලෙවි විය. මෙය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 61.20 ක මුදලකි .
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මතීෂ පතිරණ මිලට ගෙන ඇති අතර මෙය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු IPL ක්‍රීඩක වෙන්දේසියකදී අලෙවි වූ ඉහළම වටිනාකම වෙයි . 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අබුඩාබි හිදී මේ වනවිට පැවැත්වෙයි.