‘මගේ ජීවිතය යළි සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා’ ධනුෂ්ක ප්‍රථම වරට මාධ්‍යයට කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බවට ඕස්ට්‍රේලියානු සිඩ්නි අධිකරණය අද (28) දැනුම් දීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමහු තමාගේ සතුට ප්‍රකාශ කළේය.

“මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා, ඒ නිසා මට ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොඉවසිල්ලෙන් බලා සිටිනවා.” යනුවෙන් ගුණතිලක පැවසුවේ ඔහුට එරෙහිව ගොනුකර තිබූ නඩු විභාගයේ තීරණය අද (28) ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්,

වැඩිදුරටත් අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක,

“මට මේ වෙලාවේදී වැඩි දෙයක් කියන්න නැහැ, මා අමාරුවට වැටිලා හිටපු වෙලාවේ මා සමඟ සිටිමින් මා දිරිමත් කළ මාගේ නීතිඥවරුන් ඇතුළු සියලුම දෙනාට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. පසුගිය මාස 11ක කාලය තුළ මට ඉතා අමිහිරි කාල වකවානුවක් වුණා. අවසානයේ දී මාගේ නිර්දෝෂීභාවය විනිසුරුතුමා සනාථ කළා. දැන් මහේ ජීවිතය යළිත් සාමාන්‍ය අතට හැරී තිබෙනවා. මට යළිත් පිටියට ගොස් ක්‍රිකට් ක්‍රීඩාකරන තුරු මා නොඉවසිල්ලෙන් ඉන්නේ.”

යනුවෙන් ඔහු විදෙස් මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් අදහස් පළ කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *