බේකරිවලට බලනොපාන ගෑස් මිල අඩුවීම

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ගෑස් මිල අඩු කරනු ලැබුවත් බේකරි නිශ්පාදනවල මිල පහත දැමීම කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති, එන්. කේ. ජයවර්ධන මහතා පැවසුවා.

srilankanews.lk වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ඔහු මේ බව සඳහන් කළා.

කෙසේ නමුත් මෙරටට පිටි ගෙන්වන ආයතන පිටි මිල අඩු කර යම් සහනයක් ලබා දුන්නහොත් බේකරි නිශ්පාදනවල මිල ගණන් ද පහත දැමිය හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.