බෙත්ලෙහෙමේ නත්තල අවලංගු කරයි.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය හේතුවෙන් ජේසුස් වහන්සේගේ උපත සිදුවූ බෙත්ලෙහෙම එහි වාර්ෂික නත්තල් සැමරුම් අවලංගු කර ඇත.

බෙත්ලෙහෙම් නගරය දැන් ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන ඇති බටහිර ඉවුරේ පිහිටා ඇත. සාමාන්‍යයෙන් දෙසැම්බර් අග දී වන්දනාකරුවන්ගෙන් පිරීයන බෙත්ලෙහෙම මෙවර යුධ උණුසුම නිසා වන්දනා කරුවන්ගෙන් තොර ස්වාභවයක් ගෙන ඇතිබව වාර්තාවෙයි.

නත්තල් සමයේදී බෙත්ලෙහෙමට පැමිණෙන සාමාන්‍ය බැතිමතුන් සංඛ්‍යව දිනකට දහසකට අඩු සංඛ්‍යාවක් තෙක් පහත බැස ඇත බවත් ජන ඝාතක යුද්ධයට එරෙහිව මෙවර නත්තල අවලංගු කළ බවත් බෙත්ලෙහෙමේ පූජකවරු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවස ඇති බව වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තා කරයි.