බිහිසුණු රිය අනතුරක් – ලොරියක් නිසා ජීවිත තුනක් අහිමිවේ

මහනුවර – යාපනය ඒ 9 මාර්ගයේ පනිච්චන්කුලම් ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසනවා.

බස් රථයක් කාර්මික දෝෂයකට ලක්ව රියදුරු සහ මගීන් කිහිපදෙනෙකු බස් රථයෙන් බැස අලුත්වැඩියා සිදුකරමින් සිටිය දී ලොරි රථයක් බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

බස් රථයේ රියදුරු හා මගීන් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලබා මානකුලම රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.