බ්‍රිතාන්‍ය ගුවන් සේවය නැවත ශ්‍රී ලංකාවට .

එළැඹෙන ශීත සෘතුව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ශ්‍රී ලංකාව බලා ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ. ඒ අනුව සතියට තුන්වතාවක් ලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපොළේ සිට මෙරට බලා බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ යානා පැමිණෙන බවත්, 2026 ඔක්තෝබර් 23 දින දක්වා එම ගුවන් ගමන් ක්‍රියාත්මක බවත් වාර්තා වෙයි .

මෙම ගුවන්ගමන් සඳහා ටිකට්පත් අලෙවිය ඊයේ (17) සිට ආරම්භ වුණි.