බස් ගාස්තු වැඩි කිරීම නීති විරෝධියි

ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු ඉහල දැමීමම නීති විරෝධි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව ඉන්ධන මිල ඉහළ යාම 4% ට වඩා වැඩි වුවහොත් පමණක් බස් ගාස්තු ඉහළ දැමිය හැකි බව ඔහු පවසයි.

ඩීසල් මිල රුපියල් දහයකින් මිල ඉහළ යෑම 2%ක ප්‍රතිශතයමික් ඉන්ධන මිල ඉහළයාමක් බව ඔහු පෙන්වා දෙන ඔහු මේ අවථාවේ බස් ගාස්තු ඉහළ දැමීමට අදහසක් නැතිබව පවසයි.

එහෙත් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙ ප්‍රධාන ලේකම් අංජන ඉන්ද්‍රජිත් සඳහන් කරනුයේ 5% ක අවම ප්‍රතිශතයකින් හෝ බස් ගාස්තු ඉහල දැමීමට රජය අවසර දිය යුතු බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රී සිට ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් හා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62 ඉහළ නංවා තිබීම මත මෙසේ බස් ගාස්තු වැඩි කිරීම සිදු කළ යුතු බවද ඔහු පවසයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *