බස් ගාස්තු ගැන අනතුරු ඇඟවීමක්

නවතම ජාතික ඉන්ධන මිල සංශෝධනයෙන් පසු බස් ගාස්තු සියයට 10 කට වඩා වැඩි විය හැකි බවට අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය (IPPBA) රජයට දන්වා ඇතිබව එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර මාධ්‍යට පැවසීය.

ගෙවුන මාස කිහිපය තුළ කිප වරක් ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් හිමිකරුවන් සහ මගීන්ට බරපතල අපහසුවක් ඇතිව තිබෙනා බව පැවසු ඔහු බස් ගාස්තු ඉහළ අගයක තිබුනද මෙම මිලට ඩීසල් ගෙන බස් බස් ධාවනයෙන් කිසිදු ලාභයක් නොලැබෙන බව පැවසීය .

රජය නව ගාස්තු ගැලපුම් රජය විසින් නිවේදනය කරන තුරු බස් රථ සේවයෙන් ඉවත් විය හැකි බවට සරත් විජිත කුමාර තවදුරටත් අනතුරු ඇඟවීය .