බලශක්ති ඇමතිට එරෙහි විශ්වාස භංගය පරාජය වෙයි .

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්ද 104 කින් පරාජයට පත් විය .

මන්ත්‍රීවරුන් 43 දෙනෙකු යෝජනාවට පක්ෂවත් මන්ත්‍රීවරුන් 153 දෙනෙකු විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් එම විශ්වාස භංග යෝජනාව පරාජයට පත්වූ අතර, ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ මන්ත්‍රීවරුන් 22 දෙනෙකු පමණ සභාවට නොසිටි බව වාර්තාවේ.