බන්ධනාගාරයේදී ඉම්රාන්ට වසදිමේ උත්සහයක් .

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ලබා දී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් තමා සෑහීමට පත්නොවනා බවත්, බන්ධනාගාරය තුළ දී ඉම්රාන් ඛාන්ට වස පෙවීමේ අවදානමක් ඇති බවත් ඔහුගේ බිරිඳ වන බුෂිරා බීබී පවසයි .

බුෂ්රා බීබී පන්ජාබ් ස්වදේශ කටයුතු ලේකම් වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ, තම ස්වාමිපුරුෂයා රාවල්පින්ඩි හී ඇඩියාලා බන්ධනාගාරයට මාරු කරන ලෙසයි.
තම සැමියා කිසිම සාධාරණ හේතුවක් නොමැතිව ඇටෝක් බන්ධනාගාරයේ සිරකර ඇති බව ඇය එම ලිපියෙන් පෙන්වා දී ඇත.

ඉම්රාන් ඛාන් අග්‍රමාත්‍ය ධූරය දැරූ කාලයේ විදේශ ප්‍රභූවරුන්ගෙන් ලද රාජ්‍ය ත්‍යාග විකිණීම සම්බන්ධයෙන් පැවති නඩුවකින් වරදකරු කර තුන් වසරක සිර දඬුවමකට යටත්ව බන්ධනාගරගතව සිටි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *