බදු ලිපිගොනු විවෘත නොකරන අයට 50,000 දඩ ගහනවාද – මුදල් රාජ්‍ය ඇමති උත්තර දෙයි

වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුද්ගලයින් සඳහා බදු ගෙවන්නන්ගේ හැඳුනුම් අංකය (TIN) ලබා ගැනීම අනිවාර්ය වුවද, එම ක්‍රමයට අනුගත නොවනා අයට රු. 50,000 ක
දඩ මුදලක් පැනවීම මෙම අවස්තාවේදී ක්‍රියාත්මක නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අද පෙරවරුවේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ රටේ අනාගතය සහ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා රජය යම් යම් තීන්දු තීරණ ගත් නමුත් ජනතාව මත පීඩනයක් එල්ල කිරීම රජයේ අරමුණ නොවන බවයි.

බදු ලිපිගොනුවක් විවෘත කර අංකයක් ලබා ගැනීම අනිවාර්ය වුවද ඒ සියලු දෙනාටම බදු ගෙවිය යුතු බව ඉන් අදහස් නොවන බවද අමාත්‍යවරයා පැවසීය.