දිට්වා සුළි කුණාටුව සහ නායයාම් හේතුවෙන් ධාවන කටයුතු අඩාල වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට නානුඔය දක්වා කොටස ඉදිරි මාස කිහිපය තුළදී විවෘත කිරීමට බලාපොරොත්තුවන බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසීය .
ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපතිනී HE Andrés González Garrido පසුගියදා සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දුටු අතර එම අවස්ථාවට සහභාගීවූ නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසීය .
ඉදිරි මාස හතරක පමණ කාලය තුළදී උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට නානුඔය දක්වා ද මෙම වර්ෂය තුළදී රඹුක්කන සිට පේරාදෙණිය දක්වා ද දුම්රිය ධාවනය කිරීමට හැකි වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පවසීය .
මෙම සියලු ප්‍රතිසංකරණ කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ තාක්ෂණික අධීක්ෂණය මත ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සිදුවන බව ද නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේය.
නදීක දයා බණ්ඩාර