පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි

අනුබුදු මිහිඳු හිමි නිර්මල බුදුදහම රැගෙන මිහින්තලා පව්වට වැඩම කරවීම සිදුවූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක උපාසකක් අද වැනි දිනක වැඩම කළ බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ.

දේවානම් පියතිස්ස රජු ඇතුළු පිරිස තෙරුවන් සරණ යාම ද අද වැනි පොසොන් පොහොය දිනක සිදුවූ බව ඉතිහාසයේ සඳහන් වනවා.
පොසොන් පොහෝ දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනු දැන වදාළ ධර්ම මාර්ගය මෙරට පත්වී ඇති දේශපාලන, සමාජ හා ආර්ථික ගැටළු නිරාකරණය කර ගනිමින් දියුණු රටක් ගොඩනැඟීමට ඉවහල් කරගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අනුව සැමට සාධාරණය ඉටුවන පාලනයක් රට තුළ ඇති කළ යුතු බවයි.