සුරාබදු දෙපාර්තමේන්තුවට මත්පැන් නිෂ්පාදන සමාගම් වලින් අය විය යුතුව තිබූ රුපියල් කෝටි ගණනක බදු මුදල් අය කර ගැනීම සඳහා මාස තුනක සහන කාලයක් ලබාදීමට තීරණය කළ බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ පවසයි .
එම මුදල් ගෙවීමට ලබාදී තිබූ අවසන් දිනයට පෙර එම සමාගම් යම් ප්රමාණයක මුදලක් ගෙවා ඇති බවත්, එහි සාධනීය බව සළකා මෙම සහන කලය ලබාදුන් බවත් ඔහු පැවසීය.
යම් හෙයකින් මෙම සහන කාලය තුළද හිඟ බදු මුදල් නොගෙවා හැරියහොත් පමණක් එම සමාගම්වල බලපත්රය අවලංගු කරනා බව සහකාර කොමසාරිස්වරයා වැඩි දුරටත් පැවසීය.