බලපත්ර නොමැතිව පෙට්රල් ලීටර් 65 ක් සන්තකයේ තබාගනිමින් ලොරි රථයකින් එම ඉන්ධන ප්රවාහනය කළ පුද්ගලයෙකුට රුපියල් 2500 ක දඩමුදලක් සහ මාස දෙකක අනිවාර්ය සිර දඬුවම් නියම කරීමට ගල්කිස්ස මහේස්ත්රාත් පසන් අමරසේන ඊයේ(19) නියෝග කලේය.
වැල්ලවත්ත ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන තොගයක් ලබාගත් බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව අදාල ඉන්ධන පිරවුම්හල අසල දී සැකකැරු අත්අඩංගුවට ගෙන ඇත .
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස බඩෝවිට ප්රදේශයේ පදිංචි කරුවෙකු බවයි වාර්ථා වෙන්නේ.