පෘතුගාල අගමැති ඉල්ලා අස්වෙයි.

පෘතුගාල අගමැති ඇන්ටෝනියෝ කොස්තා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ලිතියම් පතල් කැණීම් සහ හයිඩ්‍රජන් ව්‍යාපෘති සම්බන්ධයෙන් එල්ලවූ ධූෂණ චෝද්නාවක් හමුවේ ඊයේ ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හමුවීමෙන් පසු රූපවාහිනී ප්‍රකාශයක් මගින් ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය.

“මම සම්පූර්ණයෙන්ම අධිකරණ පද්ධතිය විශ්වාස කරනවා,” ඔහු පැවසීය. “සැකයක් තිබේ නම්, අධිකරණ බලධාරීන්ට ඒවා සොයා බැලීමට නිදහස තිබේ… මම නීතියට ඉහළින් නොසිටිමි,” ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් පැවසීය.

එල්ලවන චෝදනා හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට විපක්ෂය ඔහුර බලකර සිටී. අගමැතිවරයා ඉල්ලා අස්වීමට පෙර පෘතුගාල පොලිසිය අග්‍රාමාත්‍ය ඇන්ටෝනියෝ කොස්තාගේ මාණ්ඩලික ප්‍රධානී Vitor Escaria අත්අඩංගුවට ගත්තේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *