පියල් මනම්පේරි නැවත රිමාන්ඩ් .

අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පියල් මනම්පේරි සහ විදුලි බල මණ්ඩලයේ සේවකයා එළැඹෙන මස 12වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු අද නියෝග කළාය . ඒ අද (29) එම නඩුව වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදියි.

විඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම නඩුව කැඳවනු ලැබීය .

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා රාසායනික ද්‍රව්‍ය ළඟ තබාගැනිම මත පියල් මනම්පේරි සහ විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුට චෝදනා එල්ල වී ඇත .