පාස්කු බෝම්බයේ ප්‍රධාන සැකකාරියට උදව් කළ පොලිස් නිළධාරියාට ඇප

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකාරියක වන පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජැස්මින්ට රටින් පලා යාමට උපකාර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක නාගූර් තම්බි අබූබුකර් ඇපමත මුදාහැරීමට මඩකලපුව මහාධිකරණ විනිසුරුවරයා ඊයේ නියෝග කළේය.

පුලස්තිනී පිළිබඳ තොරතුරු වසන් කර ඇයව ඉන්දියාවෙන් පලායාමට ඔහුගේ වාහනයෙන් කැටුව යාමේ චෝදනාව මත නාගූර් තම්බි අබූබුකර් 2020.07.13 දින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූවේය. මාස 9 ක් රැඳවුම් භාරයේ ඩිටි ඔහු කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *