පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ව, එරට යුද හමුදාව මඟින් මෙහෙයවන විශේෂ පුහුණු කඳවුරකට සහභාගි කරවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව නඟා සිටුවීම සඳහා වන උපක්‍රමයක් බවයි පාකිස්ථාන ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.
ඒ අනුව එළඹෙන, මාර්තු 25 වැනිදා සිට අප්‍රේල් 8 දක්වා මෙම පුහුණු කඳවුර පවත්වනු ලබන අතර, පාකිස්ථාන පිලේ ඉදිරි තරග සංචාර සහ ලෝක කුසලානය ඊට ඉලක්ක කරගෙන තිබෙනවා.