ප්‍රවීණ රංගවේදියෙකු වූ කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි.
රෝගී තත්ත්වයක් නිසා එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මියයන විට 84 වන වියේ පසු විය.
සිංහල සිනමාව, වේදිකාව සහ ටෙලිනාට්‍ය කලාව ඇතුළු මාධ්‍යන් රැසක විශිෂ්ට කුසලතා පෙන්වූ ඔහු දශක පහකට වැඩි කාලයක් ක්ෂේස්ත්‍රයේ රැඳී සිටිමින් විශිෂ්ට නිර්මාණ රැසකට දායකත්වය සැපයීය.
“මාතර ආච්චි” චිත්‍රපටය හරහා සිනමා අධ්‍යක්ෂණයට පිවිසි ඔහු, ‘රාජගෙදර මාරුව’, ‘ශ්‍රී මදාරා’ සහ ‘සත්‍යග්‍රහණය’ වැනි අර්ථපූර්ණ නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයා වෙත දායාද කළේය.
‘මහගෙදර’, ‘බඹරු ඇවිත්’ සහ ‘මතු යම් දවසක’ වැනි චිත්‍රපටවල ඔහු කළ රංගනයන් විචාරක පැසසුමට ලක් විය.
ඔහු, ‘මහමෙර’ වැනි ටෙලිනාට්‍ය හරහාද ‘හුණු වටයේ කථාව’ වැනි වේදිකා නාට්‍ය හරහාද සිය ප්‍රතිභාව විදහා පෑවේය.