දින 100ක කාලයක් සඳහා නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන අදියර ජුනි මස 13 වන දින සිට දින 100ක කාලයක් සදහා සැලසුම් කර ඇති අත්‍යවශ්‍ය නඩත්තු කිරීමක් වෙනුවෙන් වසා දමනු ලබන නමුත් කිසිදු විදුලිය කප්පාදුවකින් තොරව තාප විදුලි බලාගාර මගින් විදුලිබලය ජනනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බවද එම පණිවිඩයේ වැඩිදුරටත් දැක්වේ.
එමෙන්ම මේ වාරය වෙනුවෙන් අවශ්‍ය 30 වන ගල් අගුරු නෞකාවේ ගල් අගුරු මේ වනවිට නොරොච්චලේ බලාගාරය වෙත ගොඩබාමින් පවතින බවත්, ඒ අනුව මේ වාරය සදහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය සියලුම ගල් අගුරු තොග ලැබී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.