අයහපත් කාලගුණය හේතුවෙන් සහන සැලසීමට නාවික හමුදාව සූදානම්.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත්වන ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇත.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත දකුණු නාවික විධානය මගින් ගාල්ල,අකුරැස්ස,කොටපොල,නාගොඩ,තවලම,කඹුරුපිටිය හා අතුරුගිරිය යන ප්‍රෙද්ශයන් වෙත සහන කණ්ඩායම්(01) එක බැගින් යොමු කර ඇත.

ගිං හා නිල්වලා ගංගා පිටාර මට්ටමට පැමිණිමෙන් මේ වන විට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි ඇති ජල ගැලීම් තත්වය හමුවේ එම ප්‍රදේශයන් වෙත යොමුකර ඇති නාවික හමුදා කණ්ඩායම් මේ වන විටත් අවශ්‍ය සහන කටයුතු සැලසීමට සූදානමින් සිටී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *