නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනනය පහත වැටේ .

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් පසුගිය 22 වැනිදා නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදනය මෙගාවොට් 180 කින් පහත වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව පැවැති හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම අක්‍රමවත් ක්‍රියාවලිය පිටුපස පවතින්නේ වත්මන් රජය මෙහෙයවන මහා පරිමාණ දූෂණයක් බවයි.

මෙහි සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ විෂය භාර අමාත්‍යවරයා භාරගත යුතු බවට හෙතෙම චෝදනා කළේය.

බලාගාර කිහිපයක නඩත්තු කටයුතු හේතුවෙන් ඉදිරි මාසවලදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දී ඇති බවත්, බාල ගල්අඟුරු නිසා අහිමි වන විදුලිය වෙනුවෙන් ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැහැදිලි කළේය.