පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව සහ මාවනැල්ල අතර කොටසේ රිය ධාවනයේදී විමසිලිමත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එමෙන්ම, දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන ඇත .
ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාලව නායයෑමේ “රතු නිවේදන” හෙවත් 3 වන මට්ටමේ ඉවත් වීමේ නිවේදන නිකුත් කළ බව එම මධ්‍යස්ථානය පවසයි .
ඒ අනුව, එම ප්‍රදේශයේ අවදානම් සහගත ස්ථානවල වෙසෙන ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු විය යුතු බවට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි .
එමෙන්ම, බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතිබව වාර්තා වේ.