පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් අතර පැවති ගැටුම පොලිස් කොමිසම දක්වා ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනුකර ඇත.
අදාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉහළ පොලිස් නිලධාරීන් පිළිබඳ රහස්‍ය ලේඛන සහ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බැවින් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා සිය පැමිණිල්ල මගින් ඉල්ලා ඇති බව වාර්තා වේ.
මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු අතර හුවමාරු වූ දුරකතන ඇමතුමකට අදාල හඬපටයක්ද පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමුකර ඇත.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. චෝදනා එල්ලවී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු අපරාධපරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිතය