නාවික හමුදාපතිට බැනවැදුන පුද්ගලයා අත් අඩංගුවට ගන්නැයි නියෝග.

අන් අයකු ලෙස පෙනී සිටිමින් හිටපු නාවික හමුදාපති වරයෙකුට බැණ තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු පොලීසියට ඇති බලතල ප්‍රකාරව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කරනා ලදි .

මෙලෙස බැණ තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාලව මෙම සැකකරුට ප්‍රකාශ ලබා ගැනීමට පැමිණෙන ලෙස කිහිපවරක් දැනුම් දුන් මුත් ඔහු නොපැමිමි බැවින් ඔහුට නොතිසියක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින ලදි .

සංඥය වරදක් සිදු කර ඇති සැකකරුවෙක් සම්බන්ධයෙන් පියවර ගැනීමට පොලිසියට පොලිස් ආඥා පනත යටතේ බලතල ලැබී තිබෙනා බව පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරයා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය .

ඒ අනුව නොතිසි නිකුත් කිරීම අවශ්‍ය නොවන බව පැවසූ මහේස්ත්‍රාත්වරයා 109 වගන්තිය ප්‍රකාරව පොලිසියට ලැබී ඇති බලතල යොදවා සැකකරු අත් අඩංගුවට ගෙන අධිරණයට ඉදිරිපත්කරනා ලෙස නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස නොතිසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ කඩුවෙල පදිංචි හත්මුණි ගංගානාත් ප්‍රියදර්ශන ද සිල්වා යන අයෙක් සම්බනධයෙනි.