නායයාම් වලින් වැලළුන දේහයන් සොයාන්නට යුරෝපා රටවලින් සුනඛ කණ්ඩායමක්

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ නායයෑම්වලින් වැළලී ඇති දේහයන් සොයා ගැනීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකාව යුරෝපීය සංගමයෙන් සුනඛයන් කණ්ඩායමක සහය ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.

නොවැම්බර් 28 වැනිදා දිට්වා සුළි කුණාටුව ගොඩබිමට කඩා වැදුණු අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 500 දක්වා ඉහළ පෙර නොවූ විරූ වර්ෂාපතනයක් ලැබිණි.
නායයෑම් සහ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 600කට වැඩි පිරිසක් මිය ගිය අතර මධ්‍යම කඳුකරයේ දිස්ත්‍රික්කවල තවත් බොහෝ දෙනෙක් අතුරුදහන් වූහ.

නායයෑම්වලින් පසු මිය ගිය බවට අනුමාන කරන අයගේ දේහයන් සොයා ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් සිදුකරනා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා තිබේ. මෙවැනි කටයුතු සඳහා විශේෂයෙන් පුහුණු කරනාලද සුනඛයන් කිහිපදෙනෙක් ලබාදෙන ලෙස යුරෝපා සංගමයේ රටවලින් ඉල්ලා ඇති බව ඔහු පැවසීය