දිට්වා නිසා 374,000 කට රැකියා අහිමි වෙයි.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රැකියා අහිමි වූ මෙරට ශ්‍රමිකයින් ප්‍රමාණය 374,000 කට ආසන්න බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි.

පසුගිය නොවැම්බර් මස අගදී ඇති වූ සුළි කුණාටුවත් සමඟ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙලෙස ශ්‍රමිකයින්ට පීඩාවට පත්ව ඇති අතර, එයින් මසකට සිදුවන පාඩුව අමෙරිකානු ඩොලර් මිලියන 48 ක් බවත් එම සංවිධානය ඇස්තමේන්තු ගත කර ඇත.

කෘෂිකර්මාන්තය සහ ධීවර අංශයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති අතර, වී වගාකරන ලද ඉඩම්වලින් 23% ගංවතුරෙන් බලපෑමට ලක්ව ඇති බවද ඇස්තමේන්තුවේ දක්වෙයි.

මේ අතර, තේ කර්මාන්තයට ද මුලික වශයෙන් 35% ක පාඩුවක් සිදුව ඇති අතර, නිෂ්පාදනයෙන් 70% ක් පමණ වන කුඩා වතුහිමියන් ආපදා හේතුවෙන් බලපෑමට ලක්ව ඇතැයි ද එම ඇස්තමේන්තුවේ වැඩිදුරටත් සඳහන්ය.