මාර්ග අවහිරතා නිසා නතර කර තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඊයේ යළි ආරම්භ විය . ඒ අනුව හානියට පත් කොටස් ප්රතිසංස්කරණය කිරීමෙන් පසු උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන පළමු දුම්රිය ලෙස කන්කසන්තුරය දක්වා වන නගරාන්තර දුම්රිය ඊයේ ගල්කිස්ස උදෑසන දුම්රියපොළෙන් ගමන් ආරම්භ කරනා ලදි .
ඇමරිකානු ඩොලර් මිලියන 450 ක ඉන්දීය ණය ආධාර පැකේජයේ කොටසක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 5 ක ප්රදානයක් යටතේ උතුරු මාර්ගයේ හානියට පත් කොටස් පිළිසකර කරනා ලදි .
