දසලක්ෂ පනස් හතරදාහක විදුලි බිල නොගෙවූ වැවුරුකන්නල පන්සලේ විදුලිය විසන්දි කරයි

ඓතිහාසික දික්වැල්ල වැවුරුකන්නල විහාරස්ථානයේ විදුලි බිල රුපියල් දසලක්ෂ පනස්හතර දහස් එකසිය දහඅටක් වීම හේතුවෙන් විදුලි බලය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ (ජූනි 19) කටයුතු කර තිබේ.

මෙම විහාරස්ථානයේ සියක් රියන් උස පිළිමයක් සහ අපායේ දර්ශන විදහා දැක්වෙන උමං විහාරය ඇතුළු අංග රාශියකින් සමන්විත වෙයි. මෙම විහාරස්ථානයට දිවයිනේ නන් දෙසින් දේශීය විදේශීය බැතිමතුන් පැමිණෙන අතර විශාල මුදලක් පරිත්‍යාග ලෙස ලැබෙනා බව වාර්තාවේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *