ප්රංශයේ පැවත්වෙන 2023 ලෝක ආරක්ෂක සේවා තුන් ප්රයාම ශූරතාවලියට සහභාගිවන ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩක ක්රීඩිකාවන් දස දෙනාගෙන් හත් දෙනෙකු අතුරුදහන්ව ඇති බව වාර්තා වේ.
මෙම තරගාවලියට සහභාගීවීම සඳහා ත්රිවිධ හමුදා නියෝජනය කරනා ක්රීඩක ක්රීඩිකවන් දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්රංශය බලා පිටත්ව යන ලදි. කණ්ඩාමයට නිළධාරීන් තිදෙනෙකුද ඇතුළත් විය. ශ්රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් ලක්මාල් වීරක්කොඩි කණ්ඩායමේ ප්රධානියා ලෙස කටයුතු කළේය.
මේ ආකරයෙන් විදෙස් තරග සඳහා සහභාගීවන ශ්රී ලාංකිකයන් අවස්ථා ගනනාවකදිම පලාගොස් ඇති බැවින් මෙම ක්රීඩකයන්ගේ ගමන් බලපත්ර නිළධාරීන් භාරයේ තබාගෙන ඇත. එහෙත් කමාන්ඩර් ලක්මාල් වීරක්කොඩි ආහාර ගනිමින් සිටි අවස්ථාවක පලාගිය පිරිස ගමන් බලපත්ර සොරාගෙන ඇති බව වාර්ත වේ.