තිළිණී ප්‍රියමාලී රෝහල්ගතවීම නිසා නඩුව කල් යයි

මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට වාහනයක් ලබදෙන බව කියමින් රුපියල් ලක්ෂ 80ක මුදලක්
වංචාකිරීම සම්බන්ධව තිළිණි ප්‍රියමාලිට එරෙහිව පනවා තිබූ නඩුවක් අද කොළඹ මහාධිකරණයෙදී කැඳවනු ලැබීය .

එම අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිඅරණය හමුවේ සඳහන් කළේ, තම සේවාදායිකාව අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

එම තත්ත්වය සළක බැලූ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නඩුව අගෝස්තු මස 11 වනදා යළි කැඳවීමට නියෝග කළේය. එදින පිළිගත් වෛද්‍ය වාර්තාවක් සමග විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව විනිසුරුවරයා නියෝග කළේය. 2010 වසරේ සිදුවූ ගණුදෙනුවකට අදාලව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *