තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කිරිමට තරම් භෞතික සම්පත් ප්‍රමාණවත් නොවන බව පවසමින් එම කාර්යාලයේ සේවකයින් අද සිය සේවා කටයුතුවලින් බැහැර විය . එම නිසා අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට තොරතුරු යාවත්කාලින කර ගැනීමට පැමිණ සිටි ප්‍රතිලාභීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නියැලෙමින් නොසන්සුන්කාරි ලෙස හැසිරුන බව වාර්තා වේ .
තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තලවකැලේ ලිදුල නගර සභාවට අයත් සේවා පියස ගොඩනැගිල්ලේ උඩු මහලේ පවත්වාගෙන යන අතර, එම ගොඩනැගිල්ල තුළ නිළධාරින් ඇතුලු සේවකයින් 142 ක් සේවය කරන බවත්, එහි ප්‍රමාණවත් භෞතික සම්පත් නොමැති වීම හමුවේ නගර සභාව සතු සේවා පියස ගොඩනැගිල්ලේ පහත මාලයද ලබා දෙන ලෙස බලකරමින් සේවකයින් සේවා කටයුතු වලින් බැහැර වූ බව වාර්ත වේ
ඒ අනුව එම ගොඩනැගිල්ලේ පහත මාලයද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ලබාදීමට ප්‍රාදේශීය සභාව එකඟව අති බව වාර්තා වේ.