තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්. ජාතික නිවාස වැඩ සටහන අරඹේ.

මෙම වසරේ නිවාස වැඩසටහන යටතේ නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ “තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක්“ යන තේමාව යටතේ 2026 ජාතික නිවාස වැඩසටහන හෙට දිනයේ ආරම්භ කිරීමට නියමිත බවය.

මෙම නව වැඩසටහන දිස්ත්‍රික් 13ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද අමාත්‍යවරය්‍යා පැවසීය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මේ ලෙස පැවසීය .

”මේ අවුරුද්දේ අපි 2026 යටතේ නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම් කරලා තියෙනවා. මෙයින් නිවාස 25,000ක් පමණම වගේ ඍජු ආධාර යටතේ තමා ඉදිවෙන්නේ. නිවාස සංවර්ධන අධිකාරිය යටතේ අපි පවුල් 10,000කට පමණ නිවාස ආධාර දෙන්න කටයුතු කරලා තියෙනවා. මිලියන 10,000ක්. නිවාස සංවර්ධන අධිකාරිය යටතේ එක පවුලකට රුපියල් මිලියනක ආධාරයක් ලබා දෙන්න තමා සැලසුම් කරලා තියෙන්නේ. ඒක තමාගේ නිවස හදාගන්න දෙන නැවත අය නොකර ගන්නා ආධාරයක්. පෙබරවාරි 25වනදා දිස්ත්‍රික්ක 13කදී පවුල් 1,500කට නිවාස 1,500ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1,500ක චෙක්පත් බෙදීමේ වැඩ කටයුතු ආරම්භ වෙනවා.”