තත්ත්වයෙන් බාල තේ පැල නිපදවූ තවාන් 20 ක බලපත්‍ර අහෝසි කරයි

උසස් ප්‍රමිතියෙන් යුත් තේ පැල නොමැතිකම තේ වගාවේ අස්වැන්නට දැඩි බලපෑමක් එල්ල කරනා බවත්, තේ වතු ආශ්‍රිතව නෙමටෝඩා වැනි රෝගය වර්ධනය වීමටද තත්ත්වයෙන් බාල තේ පැල හේතුවි ඇති බවත් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

වැඩි දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා තේ කර්මාන්තයේ ආරක්ෂාව වෙනුවෙන් තත්ත්වයෙන් බාල තේ පැල නිෂ්පදනය කළ තවාන් 20ක බලපත්‍ර අවලංගු කරඇති බව පැවසීය. ගන්නෝරුව සේවා පුහුණු මධ්‍යස්ථානයේදී ඊයේ පැවැති සාකච්චාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙරට වාර්ෂිකව තේ පැල අවශ්‍යතාවය මිලියන 20කට ආසන්නය. එම අවශ්‍යතාවය ගුණාත්මක තත්ත්වයෙන් යුත් පැලවලින් සපුරාලීම සඳහා තේ පැල මිලියන 20 නිෂ්පාදනය කිරීමේ වගකීම පැල හා බීජ රෝපණ මධ්‍යස්ථානය වෙත පැවරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

එමෙන්ම තේ වතු තවාන් 200ක් සහනාධාර ලබා දෙමින් තවත් තේ වතු තවාන් 200ක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *