ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් හී රජය සතු කොටස් විකුණා දැමේ

ශ්‍රී ලංකා ටෙලිකොම් PLC සහ ලංකා හොස්පිට්ල් PLC යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙය සිදු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම් සඳහන් කරන්නේ. කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම්වන ශ්‍රී ලංකා ටෙලිකොම් PLC සහ ලංකා හොස්පිට්ල් PLC විසින් මේ බව නිවේදන නිකුත් කරමින් කොළඹ කොටස් වෙළඳපොල දැනුවත් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *