ට්‍රම්ප්ගේ ඉල්ලීම නොතකා තායිලන්තය කාම්බෝජයට නැවතත් පහර දෙයි.

තායිලන්තය සහ කාම්බෝජය අතර යුද්ධය අද සවස සිට අවසන් කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ අඩවියේ පවසා තිබුනද තායිලන්තය අද (13) දිනයේ ද කාම්බෝජයට ප්‍රහාරයක් එල්ලකර ඇත.

තමන් සටන් විරාමයකට මැදිහත් වූ බවට අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසු තායිලන්තය මෙම ප්‍රහාර එල්ලකර තිබේ.

“අපේ භූමියට සහ ජනතාවට තවදුරටත් හානියක් සහ තර්ජන නැති බව හැඟෙන තුරු හමුදා ක්‍රියාමාර්ග දිගටම කරගෙන යනවා” තායිලන්ත අගමැති අනුටින් චාන්විරකුල් පවසයි.

යුද්ධය නතර කරවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළද, තායිලන්ත අගමැති මෙන්ම කාම්බෝජ අගමැති හුන් මැනට් ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් නිකුත්කර නොතිබුණි.