හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හැට දෙනෙක්ට ඇමරිකාව ඇතුළු රටවලට ඇතුළුවීම වලක්වන තහනම් නියෝග නිකුත් කිරීමට නියමිතව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය විසින් ඉදිරිපත් කර ඇති හැට දෙනෙකුගෙන් යුත් ලයිස්තුවකට මෙසේ ඇමරිකාව, යුරෝපා සංගමය, ඕස්ටේ්‍රලියාව ඇතුළු රටවලට ඇතුළුවීම වලක්වන තහනම් නියෝග නිකුත් කරන ලෙසට ඉල්ලා ඇති අතර ඒ අනුව ඔවුන්ට විරුද්ධව සංචාරක තහනම් නිකුත් කිරීමට නියමිතව ඇති බව එම ව්‍යාපෘතියේ නිවේදනයක් උපුටා දක්වන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මානව හිමිකම් සහ ආර්ථික හිමිකම් අහිමි කිරීම යටතේ මෙම සංචාරක තහනම් ලබාගැනීමට නියමිතව ඇතැයි ජාත්‍යන්තරග සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂ යස්මින් සූකා සදහන් කරයි.
යුද ගැටුම් පැවති සමයේදී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ නව රජය මානව හිමිකම් දිනය යෙදෙන 10 වැනිදාට පියවරක් ගනු ඇතැයි අපේක්ෂා කරන බවද යස්මින් සූකා සදහන් කර සිටී.