ලොව බලවත් රටවල් විස්සක් සාමාජිකත්වය දරන G20 දෙදින ජාත්‍යන්තර සමුළුව අද ඉන්දියාවේ නවදිල්ලි නුවර භාරත් මණ්ඩපම් ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වේ.
ඉන්දියාවේ මෙන්ම දකුණු ආසියාවෙත් පැවැත්වෙන පළමු G20 සමුළුව මෙය වන අතර, සමුළුව පැවැත්වෙන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සභාපතිත්වය යටතේය.
වත්මන් ලෝකයේ පවතින විවිධ අභියෝගතා සහ අනාගත සැලසුම් සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කිරීමට වේදිකාවක් සපයනු ලබන G20 සමුළුවට රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ චීනයේ ජනාධිපති ෂී ජින්පින් සහභාගි නොවන අතර, ඔවුන් නියෝජනය කරමින් රුසියාවේ විදේශ ඇමැති සර්ජේ ලැව්රොව් ද, චීනයේ අගමැති ලී කියැං ද සහභාගි වී සිටිති.
G20 සාමාජිකයන් අතර කැපී පෙනෙන අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්, බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක්, ප්‍රංශයේ ජනාධිපති එමැනුවෙල් මැක්රොන්, ජපානයේ අගමැති ෆුමිකෝ කිෂිඩා, ඉතාලියේ අගමැතිනිය ජෝර්ජියා මෙලොනි, ඔස්ට්‍රේලියාවේ අගමැති ඇන්තනි ඇල්බනිස් ඇතුළු සෙසු රටවල සියලු රාජ්‍ය නායක නායිකාවෝ සමුළුවට එක් වී සිටිති.
මීට අමතරව ආරාධිත රාජ්‍ය නායක නායිකාවන් ලෙස බංග්ලාදේශයේ අගමැතිනිය ශේක් හසීනා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහ්යාන් ඇතුළු පිරිසක් ද එක් වී සිටිති.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ඇතුළු විවිධ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයෝ පිරිසක් ද සෙසු ආරාධිතයෝ අතර වෙති.