ජෙසුස් වහන්සේ හමුවීමට කුසගින්නෙ සිට මියගිය කෙන්යානුවෝ 47 කගේ සිරුරු හමුවේ

මූලධර්මවාදී කෙන්යානු ආගමික නිකායක පූජකයෙක් වන Paul Makenzie Nthenge නැමැත්තාගේ මග පෙන්වීම මත කුසගින්නේ සිටිමින් දිවි නසාගත් බව සැලකෙන කෙන්යානු ජාතිකයන් 47 දෙනෙකුගේ මෘතදේහ එරට වෙරළබඩ නගරයක් වන මලින්දි අසලින් ගොඩ ගැනීමට පොලිසිය සමත්ව ඇත.

ආගමික නායක Paul Makenzie Nthenge මේවන විටත් විටත් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි. කුසගින්නේ මිය යමෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මුනගැසිය හැකි බව Paul Makenzie Nthenge තම නිකායේ බැතිමතුනට දේශනා ඇති බවත්, එම දේශනාවට අනුව ඔහුගේ අනුගාමිකයන් සැලකිවයුතු පිරිසක් නිරාඅහරව සිට මිය යන්නට ඇතිබවත් එරට පොලිසිය විශ්වාස කරයි.

අත් අඩංගුවේ පසුවන පූජක Paul Makenzie Nthenge වනගත ගම්මාන තුනක් Nazareth, Bethlehem සහ Judea ලෙස නම් කොට ඒවායේ තම අනුගාමිකයන්ට නිරාහාරව සිහින්නැයි පවසා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ ආකාරයෙන් උපවාස කොට මියගිය පුද්ගලයන්ගේ සිරුරු Shakahola වනාන්තරයේ නොගැඹුරු වලවල් වල තැන්පත් කර ඇති බවත්, එක වලක් තුළ පවුලේ සියළුම සාමාජිකයන් තැන්පත් කර ඇති අවස්තාද හමුවන බවත් බී.බී.සී වාර්තා කරයි. තව දුරටත් කැණීම් කටයුතු සිදුවෙන බැවින් තවත් සමූහ මිනී වළවල් ඉදිරියේදි හමුවිය හැකිබව එරට පොලීසිය කියයි. අක්කර 800 කින් පමණ සමන්විත Shakahola වනාන්තරය මේවන විටත් අපරාධ ස්ථානයක් ලෙස නම්කර ඊට දැඩි ආරක්ෂාව ලබාදී ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කිතුරේ කින්ඩිකි බී.බි.සියට පවසා ඇත

ජේසුස් වනහ්සේ හමුවන තෙක් නිරා ආහරා සිටි බැතිමතුන් 15 දෙනෙක් පමණ පසුගියදා වෙනත් ආගමික නිකායක් මැදිහත්ව බේරාගන්නා ලද අතර ඒ සමගම මේ පිළිබඳ එරට අවධානය යොමුවන ලදි. මළ සිරුරුවල ඩී.එන්.ඒ සාම්පල පරීක්ෂාව මගින් වින්දිතයින් සාගින්නෙන් මිය ගියේද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණ පැවැත්විමට නියමිත බව කෙන්යානු දිනපතා, ද ස්ටෑන්ඩර්ඩ් පුවත්පත පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *