ජපානයේ ව්‍යාප්ත වන බැක්ටීරියාව ගැන අනිතය බියක් ඇති කර ගන්න එපා

ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.

එය සාමාන්‍ය ජනතාව අතර ඇති බැක්ටීරියා තත්ත්වයක් ලෙසයි වෛද්‍යවටයා පවසන්නේ. කලාතුරකින් එහි ප්‍රතිඵලය දරුණු විය හැකි බවත් ඇතැම් විට සංකූලතාවයක් ඇති වී මාරාන්තික තත්ත්වයක් දක්වා රෝගය උත්සන්න විය හැකි බවත් ඔහු පවසනවා.

බැක්ටීරියාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍යවරයා වැඩිදුරටත් මෙලෙස පැවසුවා.

“ජපානය වාර්තා කරලා තියෙන්නේ එම බැක්ටීරියා තත්ත්වයෙන් ඇතිවෙන සංකූලතා තත්ත්වයේ යම් වැඩිවීමක් මෑත කාලයේ නිරීක්ෂණය කළා කියලයි. ඒ වගේම තමයි ප්‍රතිජීවක ඖෂධවලින් මේක වෙනස් කරන්නත් පුළුවන්. හැබැයි කලාතුරකින් ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් දක්වන බැක්ටීරියා තියෙන්න පුළුවන්. එකේ මහා පැතිරීමක් සිද්ධවෙයි කියලවත්, අපේ රටට බලපෑමක් ඇතිවෙයි කියලවත් අනියත බියක් ඇති කර ගන්න අවශ්‍යතාවයක් නැහැ.”