රනාල බස් අනතුරේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

අද (19) කොළඹ අවිස්සාවේල්ල ලෝලෙවල් මාර්ගයේ රනාල ප්‍රදේශයේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරෙන්
පාසල් සිසුන් 27 දෙනෙකු තුවාල ලබා නවගමුව දිසා රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මේ බව දැක්වෙන්නේ හංවැල්ල පොලීසියෙන් ලද නවතම තොරතුරුවලයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පාසල් ළමුන් රැගෙන එමින් තිබූ ලබුගම – කොළඹ සිසු සැරිය බස් රථයක් සහ ඇඹිලිපිටිය – කොළඹ මගී ප්‍රවාහන බස් රථයකි.

ප්‍රදේශවාසීන් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයේ කොන්දොස්තරවරයාව බස් රථයක් ඉදිරිපස දොර අසල සිරවී සිටියදී බේරාගෙන නවගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝහල්ගත කළ ළමුන් අතුරින් 21දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවත් තවත් පාසල් ළමුන් 06 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් වාර්තා වනවා.

මූලික විමර්ශන යටතේ අනාවරණ වී ඇත්තේ නවතා තිබූ ඇඹිලිපිටිය – කොළඹ මගී බස් රථයේ ලබුගම – කොළඹ සිසු සැරිය බස් රථය ගැටී ඇති බවයි.

එසේම අපරික්ෂාරී ලෙස රිය ධාවනය සහ අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා යටතේ සිසු සැරිය බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!