ජනාධිපතිවරණයට කෝටි ගණන් වියදම් කිරිම අපරාධයක්

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් කෝටි ගණන් ජාතික ධනය වැය කරමින් ජනාධිපතිවරණයක් පවත්වන්නේ කුමකටදැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විමසයි .

ජනතාවට කන්න දෙන්නවත් හැකියාවක් නැති අවස්ථාවක ප්‍රමුඛත්වය දිය යුත්තේ මැතිවරණ පැවැත්වීමට නොවන බවත් පැවසූ ඔහු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ රටේ මුල්‍යමය අර්බුදය නිසා බවද පැවසීය.

සියලු දෙනා රට ගොඩනැගීම සඳහා එකතුවිය යුත්තේ ඊළඟ මැතිවරණයේදී දේශපාලන වාසි පිළිබඳ නොසිතා බවත්, රට අර්බුදයට පත් වූ සෑම විටම පෞද්ගලික අදහස් පසක එක තබා ජනතාව වෙනුවෙන් එකතු වීමට දේශපාලඥයන්ට වගකීමක් ඇති බවත් ඔහු සඳහන් කළේය .

වත්මන් අර්බුදයෙන් රට ගොඩනැගීම තනි පුද්ගකයෙකුට හෝ පක්ෂයකට කළ නොහැකි බවත්, සියලු දෙනා එකතු වී අර්බුදයෙන් රට මුදා ගත් පසුව පක්ෂ වලට බෙදී දේශපාලනය කළ හැකි බවත් ඔහු සඳහන් කළේය . මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!