ජනපති සිංගප්පූරු ජනාධිපතිනිය හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පුරු ජනාධිපති හලීමා යාකොබ් සමග සාකච්ඡාවක නිරත වී තිබේ.

සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා අද (21) පෙරවරුවේ එරට ජනාධිපතිවරිය හමු වු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් සහ ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන් සහ පරිසර අමාත්‍ය ග්‍රේස් ෆූ හායි යෙන් යන මහත්ම මහත්මීන් අතර සාකච්ඡා කිරීමට නියමිතය.

දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලට අමතරව පැරිස් ගිවිසුමට අනුව කාබන් හර කිරීම පිළිබඳව අවබෝධතා ගිවිසුමකට ද සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *