ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්නට විපක්ෂය සැරසේ .

ගංවතුර සහ නායයාම් ජනතාවට සිදුවූ මහ විනාශයට රජය වගකිවයුතු බව ශ්‍රී අංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි . එම පක්ෂයේ මූලස්ථනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසූවේ සිදුවූ විනාශයේ වගකීම බාර ගනිමින් ජනාධිපති අනුර දිසානායක ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොකරන්නේනම් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළ යුතුව අති බවත් ය .

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය

”ආණ්ඩුව සුක්ෂම උත්සහයක් ගන්නවා තමන්ගේ නොහැකියාව සහ අතපසු වීම් නිසා රටට සහ ජනතාවට සිදුවූ විනාසය සඟවන්නට . අනතුරු ඇඟවීම් තිබියදීත් ජනතාව බෙරාගන්නට කාටයුතු නොකර ආණ්ඩුව වෙනත් දේශපාලන කටයුතු කරමින් සිටියා .ඒක නිසා අපි මේ රටේ ප්‍රධාන විපක්ෂයට කියනවා මේ ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න කියලා .

එහෙම ගෙන ආවොත් මේ තියන තුනෙන් දෙක ආණ්ඩුවට නැතිව යනවා. ජාතික ජනබලවේග ආණ්ඩුවේ ඉන්න හෘද ශාක්ෂියක් තියන රටට ආදරේ මිනිස්සුන්ට බෑ මේ ආණ්ඩුව වෙනුවෙන් තව දුරටත් පෙනී ඉන්න.”