චෝදනා හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් සෙලවේ. ක්‍රීඩක වෙන්දේසිය කල් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කර තිබූ T10 තරගාවලියට අදාල ක්‍රීඩක වෙන්දේසිය 24 වැනිදා තෙක් කල් දමන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊට සහභාගී වීමට නියමිත කණ්ඩායම් වෙත දන්වා ඇති බව වාර්තා වෙයි . මෙම තරගාවලිය දෙසැම්බර් මස 13 වනදා සිට 23 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

ලෝක කුසළාන තරගාවලියෙදී ශ්‍රී ලංකාව පත්ව සිටිනා අවාසනාවන්ත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එල්ල වී ඇති බලපෑම් මත මෙම තීරණය ගත් බව ක්‍රිකට් බලධාරීන් සියළුම කණ්ඩායම් වෙත දන්වා ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *