පැය 18 හැම්බර්ග් ගුවන් තොටුපොළ කැළඹවූ ”සිව් හැවිරිදි ප්‍රාණ ඇපකාරිනිය” මුදාගනී

සිව් හැවිරිදි කුඩා දැරියක ප්‍රාණ ඇපකාරියක ලෙස තබාගනිමින් ඇගේ පියා විසින් හැම්බර්ග් ගුවන් තොටුපොළේ ඇතිකර තිබු උණුසුම් තත්ත්වය පැය 18 කට පසු සමනයව ඇති බව බී.බී.සී පුවත් සේවය පවසයි .

තුර්කි ජාතිකයෙක්වන 35 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා සෙනසුරාදා රාත්‍රියේ ඔහුගේ සිව් හැවිරිදි දියණිය සමඟ ආරක්ෂක බාධක මගහරිමින් ගුවන් තොටුපළට ප්‍රවේශවී ගුවන් යානයක් යට තම මෝටර් රථය නතර කිරිමෙන් මෙම අර්බුදය ආරම්භ විය . කෙසේවෙතත් අවසානයේ “ප්‍රතිරෝධයකින් තොරව” බලධාරීන්ට භාර වූ ඔහු අත්අඩංගුවට ගන්නා ලද බව පොලිස් වාර්තා පවසයි .

තුර්කි ගුවන් සේවාවට අයත් ගුවන් යානයක් යට තම මෝටර් රිය නතර කළ මෙම පුද්ගලයා තමා සතු ගිනි අවියෙන් අහසට වෙඩි දෙකක් තබා අනතුරුව පෙට්‍රල් හෝ වෙනත් ගිනි ගන්නා ද්‍රවයක් සහිත බෝතල් කිහිපයක් මෝටර් රියෙන් ඉවතට ගෙන ඇත. කෙසේ වෙතත් ඔහු සතුව වෙනත් පුපුරණ ද්‍රව්‍ය තිබුනෙද යන්න තවමත් පැහැදිලි නැතිබව බී,බී,සී වාර්තා කරයි.

එම අවස්ථාව වන විට තුර්කිය බලා ගුවන් ගත වීමට නියමිතව තිබූ යානය මගීන්ගෙන් පිරී තිබූ අතර මහත් වෙහෙසක් දරා ඔවුන් යානයෙන් ඉවත්කර හෝටලයක් වෙත යොමු කිරිමට හැම්බර්ග් ගුවන් තොටුපොළ බළධාරීන් සමත් විය. මෙම සිදුවීම නිසා ගුවන් තොටුපොළේ මෙහෙයුම් අඩාල වූ අතර තවත් විශාල මගීන් සංඛ්‍යාවක් හෝටල් වෙත යොමුකරන්නට සිදුවූ බව වාර්තා වේ.

හැම්බර්ග් පොලිස් ප්‍රකාශිකා සැන්ඩ්‍රා ලෙව්ග්‍රුන් මාධ්‍යට පවසා ඇත්තෙ සිය දියණිය ප්‍රාණ ඇපකාරිකය ලෙස තබාගෙන ගුවන් තොටුපොළේ කටයුතු අඩාල කළ මේ පුද්ගලයා සිය බිරිඳ සමග ගැටළු රැසක් ඇත්කරගත් අයෙක් බවයි. ” බිරිඳ සමඟ වූ ආරවුල් හේතුවෙන් ඔහු අවුල් සහගත මානසික තත්වය සිටි”. ඇය මාධ්‍යට පැවසූවාය .

තමා සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් තම සැමියා දියණිය රැගෙන ගිය බව, ඇයගේ මව හදිසි අනතුරු අංශයට දැනුම් දී ඇති බවත්, සැකකාර ළමා පැහැර ගැනීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර ඇති බවත් හැම්බර්ග් පොලිස් ප්‍රකාශිකාව පැවසූවාය.

මෙම පුද්ගලයා සිය බිරිඳද මීට පෙර තුර්කියට බලයෙන් කැඳවාගෙන ගොස් ඇති අතර අනතුරුව ඇය සිය දියණියද සමග පෙරලා හැම්බර්වෙත පැමිණ ඇත. මෙම සිදුවීම නිසා මගීන් ගුවන් ගමන් 286 ක මෙහෙයුම් අවුල් සහගත තත්ත්වයට පත්විය. එම නිසා පසු ගිය පැය 72 ක් තුළ හැම්බර්ග් ගුවන්තොටුපොළ භාවිත කිරීමට නියමිතව සිටි 34,500 ක් පමණ මගීන්ගේ හටයුතු අවුල් වී ගිය බව වාර්තාවේ,

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *