චමරිගේ පිත්ත රටට ජය කැඳවයි – අවසන් තරගයත් ජය ගනී

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවසන් තරගයේ දී ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පරදා ලකුණු 68 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත් අතර චමරි අතපත්තු එහිදී ලකුණු 102ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 101ක් රැස් කරගත් අතර උදේෂිකා ප්‍රබෝධනී කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.