ගුගල් සිතියම අනුව ලැගුම්හල වෙත යමින් සිටියදී අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෘදුකාංග ඉංජිනේරුවරයෙකු සහ වෙළඳ නාවික ලෙස රැකියාව කරන පුද්ගලයෙකු වන මේ දෙදෙනා රාත්රී සමාජ ශාලාවක් වෙත ගොස් මත්පැන් පානය කර නවාතැන් ගෙන සිටින මුහන්දිරම් පාරේ ලැගුම්හල වෙත ගූගල් සිතියම භාවිතා කරමින් පැමිණෙමින් සිටියදී මෙම සිදුවීමට මුහුණදී ඇති බව වාර්තා වනවා.
ගූගල් සිතියමට අනුව අරලියගහ මන්දිරයේ තාප්පය අසලින් මාර්ගය අවසන් වී ඇති අතර සැකකරුවන් දෙදෙනා තාප්පය මතින් අරලියගහ මන්දිර භූමියට පැන තිබෙනවා.
පසුව අග්රාමාත්ය ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනාව කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන්ට භාරදීමට කටයුතු කර තිබූ බව සඳහන් .