ගාසා තීරයට ආධාර දීමට පමණක් රෆා පිවිසුම විවෘත කිරීමට ඊජිප්තුවේ එකඟතාව

ගාසා තීරයට ආධාර ට්‍රක් රථ 20ක් පමණ ලබාදීම සඳහා රෆා පිවිසුම විවෘත කිරීමට ඊජිප්තුව එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි.

ඊශ්‍රායල – ගාසා ගැටුම් හේතුවෙන් මිය ගිය ගණන මේ වනවිට 4500 ඉක්මවා ඇත.

ගාසා – ඊජිප්තු දේශ සීමාවේ මෙම පිවිසුම රෆා ලෙස හැඳින්වේ.

ගාසා තීරයෙන් පිටවිය හැකි ඊශ්‍රායලය හරහා පමණක් පාලනය නොවන එකම පිවිසුම මෙය බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව අදාළ ආධාර ට්‍රක් රථ 20 ලබා දීමට රෆා පිවිසුම විවෘත කිරීම එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ සිදු වනු ඇති.

මේ අතර පලස්තීන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ පවසන්නේ, මේ වනවිට වේගයෙන් සිය සැපයුම් අඩු වෙමින් පවතින අතර ජාත්‍යන්තර ආධාර ආයතන පවසන්නේ ආධාර කඩිනමින් අවශ්‍යව ඇති බවයි.

මේ අතර ගාසා අහ්ලි අරාබ් රෝහලට එල්ල වූ ප්‍රහාරය මේ වනවිට ජාත්‍යන්තර සංවිධාන රැසක් විවේචනය කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *